දෙදෙනකුට පහරදී තුවාල කළාට සිවිල් ආරක්ෂක සෙබළු තුනක් දැලේ


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ජයන්තිපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිරිපිට දී  පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් තිදෙනෙක් සූරියපුර පොලිසිය විසින් ඊයේ 17 සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ජයන්තිපුර සහ පන්සල් ගොඩැල්ල යන සිවිල් ආරක්ෂක බලකා  උප කඳවුරු වල සේවය කරන සෙබළුන් තිදෙනෙකි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා අවුරුදු 27 ,39 සහ 37 යන වයස්වල පසුවන වාන් ඇල  ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෝ වෙති

සිංහල අලුත් අවුරුදු යෙදී තිබූ පසුගිය 17 වැනි දා වැනිදා පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී පහරදී තුවාල සිදුකර තිබිණි

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු අනුව සිවිල් ආරක්ෂක බලකායේ මෙම සෙබලුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි